Monday 4 June 2012

සුබ උපන් දිනයක් සමන්

ලගදි සති අන්තයක අපේ යාළුවෝ සැට් එකත් එක්ක අපි ගියා පොඩි ගමනක්.බදුල්ල - මහියංගන පාරේ මහියංගනේ සිට යද්දි කිලෝමිටර 2 ක් පමණ පසු කරාම හම්බ වෙනවා දම්බරාව කියන ගම.එහේ තියනවා වැව් 3ක් පොඩි වැව,මැද වැව,මහ වැව කියලා. වැව් සැට් එක ගැන පෝස්ටුවක් ලගදීම බලාපොරොත්තු වන්න. අද පෝස්ට් එක අපේ ප්‍රියන්ත අයියගේ ගිතයක්.ලගදි දවසක පටිගත ( ඇත්තටම පටිගත කරේ නෑ,පෝන් එකෙන් රෙකෝර්ඩ් කරා) කරපු එකක් නිසා ඔයාලටත් පෙන්නුවට කමක් නෑ කියලා හිතුවා.එහේ යන්න ප්‍රස්තුතය අපේ එකෙක්ගේ උපන් දිනයක් .  සුබ උපන් දීනයක් සමන් !!!!!

*****************************************
ප්‍රියන්ත අයියාගෙ බලවත් ඉල්ලීම මත විඩියොව ඉවත් කල අතර 
ඉදිරියෙදි ඒලිදක්වමු
*****************************************


ප/ලි : විඩියෝවේ දැක්වෙන ඇතැම් වස්තූන් ගැන සිරාවට නොසිතන්න / ඒ වගේම ඔය සිංදුව කියන්නේ මුලින්ම ඉන්නේ ... ප්‍රියන්ත අයියා..

දයාබර මිතුර

කලාකාශයේ සහන්,

දන්නවනේ තෝ මං ගැන
හැටි නිතර කෙලින පිස්සුවල
වැඩියෙන් කථා කරත්,මරි කථා කිවුවත්
යාළු නැති වී නෑ අපේ යාළු
ඉද හිට නිතරමත් ටැලිපෝන් නොකරත්
මං ගැන දන්න තෝ හට ඉදින්
කුමට සුදුළුණු පොඩි කර
බොට තරම් නැතුවත්
මං ලගත් නැත්තේම නෑ
කලාවට ලැදි අදහස්
පෙර කරපු මරිකම්
මතක් වී කදුළු පිරුනත්
හඩන්නෑ බෙරිහන් දී පෙරමෙන්
කාරි නෑ ඉතින්
ඉඩක් ඇති වෙලාවක තියපන් මිස් එකක්..........


Saturday 2 June 2012

එන දවසක

මහමෙරක් තරම් ලොකුවට 
නැතුවට,
දන්නවනේ ඔයා මගේ හිත 
හිස් අහස වගේ උනත් 
ආදරෙයි මං ගොඩක්
නැතුවට,
මහමෙරක් තරම් ලොකුවට 


ලතාවට බේරෙන කදුළු කැට 
අහම්බෙන් වගේ දුටුවට 
මට අමුතු නෑ මේව 
එකම පැතුමක් පැතුව මං
කවදාවත් පේන්න එපා
ඔය ඇස්වල
ලතාවට බේරෙන කදුළු කැට 


කියන්නට තියෙනව ගොඩක් දේවල්
ආයෙත් ආවම කියන්න
ගේනවද එදා වගේ තම්බපු කඩල ගෝට්ටක්
තව අයියගේ පරණ වම් සෙරෙප්පුවකුත්
එන්න ලගදිම අරගෙන
කියන්නට තියෙනව ගොඩක් දේවල්





Subscribe to Feed


Ads 468x60px

Social Icons

Featured Posts

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Partner

http://radio.lk7.info