සිහින සොයා සරනා විට මා....
නොදුටු ඉසව්වක උන් ඔබ දුටු දා...
අපි හැමොම ට්‍රයි කරන්නේ සර්ව සම්පූර්ණ යුවතියක් එක්ක අපේ ජිවිත ගොඩ නගා ගන්න.එත් අපි සර්ව සම්පූර්ණද? නෑනේ. අපේ කොච්චර වැරදි තිබුනත් අපි හොයන්නේ ඉදුල් නෙවිච්ච කෙල්ලෙක්.ප්‍රශ්නේ එහෙම අය ඉන්නවද කියන එක තමයි.හැබයි අපි නොහිතන එකම දේ තමයි කිලිටි අත් වලින් අල්ලන සුදු රෙද්දත් කිලිටි වෙනව කියන එක.හා නැද්ද?
මංගල පෝරුව මතට එදා ඔබ දෙපා තැබු ඒ සුබ මොහොතේ
සිහිසන් නොමැතිව වැටුනු අයුරු දැක අනුකම්පාවකි ම සිත වෙලා ගත්තේ//
ඇත්තටම අපි අවංකවම හිතලා බැලුවොත් කසාද බදින්න කලින් කෙල්ලෙක් එක්ක තොලක්වත් නොදාපු පිරිමි ඉන්නේ කීදෙනා ද ? ආ දැන් ලැජ්ජාවට බිම බලන්න එපා ඔං.සිරාම ලව් කරන කෙනෙකුට තමන්ගේ කෙනා කලින් මෙහෙමයි අරුත් එක්කත් ගියා,මූත් එක්කත් හිටියා කිව්වම ඇත්තටම මොකද හිතෙන්නේ.මං මේ කෙල්ලෝ හොදයි කියනවා නෙමෙයි.උනුත් එහෙම තමයි.මූදේ නැව් ගියාට පාරවල් හිටන එකක්යැයි.:D.
ඔන්න මං දන්න කෙනෙක් හිටියා,මාධව කියලා.ඉක්කෝලේ යන කාලේ සෙට් උනේ මුන් දෙන්න.කොල්ලට 18යි ඒ කාලේ.දැන් 28යි.ඒ කියන්නේ ලවට 10 අව්රුදුම.මිනිහගේ දත් ඔක්කොම ගැලෙව්ව මෙකී.ගේ හදාගත්ත.බයික් එකක් ගත්ත.ඉංජිනේරු කෝස් එකක් කරා.ඒකත් ඉවරයි මේ ලගදි.ඔන්න දැන් වැඩේ.ගෑණි දැන් ඉංජිනේරුවෙක්.ජොබ් එක ආණ්ඩුවේ.නයි කයිද රෝස් පාන්.කොල්ලට කථා කරා ලගදි පොරක්."අහවලත් එක්ක තියෙන සම්බන්දේ නතර කරහන් එයා දැන් මගෙත් එක්ක ඉන්නේ." හයියෝ සල්ලි.බලද්දි ඒකා බැදලා ලමයිත් ඉන්න ඉංජිනේරුවෙක්.ඒත් මේකට ඒකීව ඔනමයි කිව්වා.පස්සේ මේකා වහ ගහලා.දැන් හොදයි.ආ මේ ලගදි අරංචි උනා මූ වරදට සමාව දුන්නලු....
කථාව සත්‍ය අතර නම් ගම් මනඃකල්පිතයි..








