
සුභ නෑ කියන එකයි මගේ මතය.
හරි හරි ඕං සුපුරුදු පරිදි මාතෘකාවෙන් පීලී පනින පද මයේ වාග් මාලාව නැවතත් හරි පාරේ.මං මේ කියන්න තැතැනුවේ මේ ගමයගේ අති ජාති මිත්තරයෝ සැට් එක පිළිබදව විස්තර කොරන්ටයි.මෙහෙමනේ අපිට ඉන්නවා පරණ යාළුවෝ ගොඩක් උන් දැනටත් යාළුවෝ.සමහරු දැන් නෑ ඉස්සර හිටියා.ගොඩක් උන් දැන් කරන කියන වැඩ වලදී සැට් උන අය.ගමයගේ මිත්තර පරාණ අතරෙ ගමයා ඉක්කෝලේ යන සංදියේ හිටියා පස් හය දෙනෙක්ගේ සැට් එකක්.ඒ අතරෙ ගෑල්ලමයිත් දෙතුන් දෙනෙකි.ස්ත්රි පරාණ පිළබදව විස්තර කොරන්ට යැම ඇදගෙන නෑමක් බැවින් එය ස්කීප කොට ඊලග කොටසට යමු.නමෝවිත්තියෙන් කියලා පටන් ගන්නේ අපේ යකාගෙනි.ඌ ඉස්සර මයෙත් එක්ක වල බැස්සත් දැන්නම් කැම් පස් කයි.යකා යකා වීම පිළිබදව සෙවීම ගමයාට මල පීදෙන කාර්යයක් බවට පත් වේ.මක් නිසාද යත් ඌ පෙර රජ දවස සිටම යකෙක්ව සිටි බැවිණි.මක් උවත් ඌ ගොඩක් කාරණාවලදී ගමයාට සපොට් එක දුන් බැවින් ඌ පිළිබද වැඩිදුර පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.ගැන්සියේ මීලග එකා ඌරෙකි.අපේ ඌරා වනාහී තාල වර්ගයට අයත් තාමත් හදුනා නොගත් එකෙකි.බට් මුගේ ඇති විශේෂය තමා දගර ගැසුනු වලිගයට අමතරව ඇති අං දෙකයි.මේ දවස්වලනම් ඌ වැලිමඩ අල හාරනවලු.මොනා උනත් ඌත් හොද එකා.හැබයි බුවා සිරාම ලවර් කෙනෙක්.කරෙත් එක ලවයි තාමත් ඒකම තමා මං දන්න හැටියට ( ඒ දවස්වල පොඩි කෙලි පැටව් එක්ක බට්ටෝ පැන්නට ඌ වගේ එකෙක් දාහෙන් හොයා ගන්න බෑ.).ඔන්න එක දවසක් අපි ඉක්කෝලේ අපේ පුරුදු පොට් එකේ.(හවස).මේකගේ කෑල්ල කරාටී ද මොනාද ගහන්න පුරුදු වෙනව.කලාස් යනෝ.එදා මෙකට ඒකිගෙන් අහන්නම ඕනලු.ගමයත් යමන් කිව්ව.ඕනී ජිල් බොලයක් කියලා අපි දෙන්නත් යනවා.
දැන් කෙල්ල ඉස්සරහ.මං කෙල්ල ගාව.මෙකා “නංගි මේකයි“ ඔන්න ටිකක් ඉස්සරහට යනවා..ආයේ එනව.“මං ඇත්තටම ඔයාට කැමතී“ඔන්න ආයේ අඩි 10ක් විතර යනවා.ආයේ එනවා.කොහොමින් කොහොම හරි මු ඕන ටික කිව්වා කියමුකෝ.මෙතුමා දැක්කා කෙල්ලගේ මල්ලේ බත් ගෙඩියක්.හෙහ් හෙහ් “ මේ නංගි ඕක කන්නද ගෙනියන්නේ..දවල්ටත් කන්න නෑ අද“ අරු මං දිහා බැලුවා.කට කන්නැයි ආයේ.දැන් බත් එක මයේ අතේ.“මතන් යමුද“ දැන් මේක කුණුහබ්බ කියකිය එනව..ඉතින් මං නරක දෙයක් කොරලනම් කමක් නෑ.අනික කෙල්ල කැමති කියන්න කලින් එකිගේ බත් පැකට් එක කනවා කියන්නේ කොත්තල දෙයක්ද නේ.හැබයි ලව් එක හබක් උනා,ඒ මං නිසා නම් නෙමේ ඕං.මූ කිව්වා එදාම කෙල්ලට ආදර හසුනක් ලියලා දෙන්ට කියලා.කෙල්ලත් කැමති අකමැති.ඒකිත් ලියල,ඒක ගෙදරට මාට්ටු.අම්මා ගහයි බැට් එකෙන් එලව එලව.වැඩේ මෙකනේ
....
....
අපි එත කොට එ/ල.කෙල්ල හත වසරේ.නයි කයිද රෝස් පාන්?
හිකිස්! එල ඈ! ඌරට බ්ලොග් එක බලන්න විදිහක් නැතුව ඇති මයෙ හිතේ! ආ.. යකාටත්! නැත්තම් මෙතන මට කලින් කොමෙන්ටු දාන්නේ උන් දෙන්නනේ!
ReplyDeleteඔහේ තැන්කිව් කිව්වා ඕං.. පද්මේ .. නැ නැ උන් දෙන්නා බැලුවනම් බ්ලෝග් එක මේ පෝස්ට් එකෙන්ම නැවතිලා..
Deleteහිකිස්! මට මැවිලා පේනවා, යකා තොට කඩංපයින හැටි!
Delete